හිටපු ජනාධිපති කිසිඳු විද්‍යාත්මක පසුබිමකින් තොරව රැකියා නිර්මාණය කිරීමේ හා විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ණය ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අද වන විට රජය දැඩි අපහසුතාවකට පත්ව ඇතැයි අමාත්‍ය දයා ගමගේ මහතා කතරගම දී පැවසීය. එවැනි පසුබිමක් තුළ වුවද, දුෂ්කර හා ග්‍රාමීය ප්‍රදේශවලට අවශ්‍ය රජයේ සේවක අවශ්‍යතා සම්පූර්ණ කිරීමට පසුගිය ආණ්ඩුව කටයුතු කර නැති බව ද ඔහු කීවේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම, මිහින් ලංකා, තෙල් සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් රුපියල් බිලියන දාහකට වඩා ණය කරලා. මේ සමහර ණය, ණය පොත් වලට එකතු කරලාත් නෑ. මේ වැරදි ඔක්කෝටම අද කරගහන්න වෙලා තියෙන්නේ සම්මුතිවාදි ආණ්ඩුවටයි. ඒත් ජනාධිපති අගමැති සැලසුම් කර තියන විදිහට අපි රැතියා දසලක්ෂයක් හදනවා. ඒ විතරක් නෙවෙයි අපනයන ආදායම වැඩි කරන්නත් අපි කටයුතු කරනවා. එදා සියයට 36 ක් වූ අපනයන ආදායම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අපිට භාර දෙනකොට සියයට 14 දක්වා අඩු වී තිබුණා. අද අපි, ඒ ප්‍රමාණය සියයට 4 සිට දෙකුණයකට වඩා වැඩි කරන්න කටයුතු කරන්න සැලසුම් කර තියනවා. මේ හැම දේකින්ම අපි සැලසුම් කර තියෙන්නේ, ණය උගුලෙන් රට බේරාගෙන රට සංවර්ධනය කර සංවර්ධිත රටත් ලෙස ලෝකයට හඳුන්වා දෙන්න"

12946860_10209322694210739_1711956065_o 12952762_10209322694890756_1859600308_o 12953235_10209322694250740_1020739005_o 12970607_10209322694650750_988179811_o