ටෝකියෝ සිමෙන්ති අනුග්‍රහයෙන් දිවයිනේ පාසල් අතර පැවති දැනුම මිනුම තරගාවලියේ අවසන් මහා තරඟයේදී කොළඹ විශාඛා විද්‍යාලය පරදවමින් ශූරතාවය දිනා ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය සමත් විය.
මහින්ද විද්‍යාලයීය දැනුම මිනුම කණ්ඩායම නියෝජනය කරමින් හාන්ස් තිසංක, ලසිත් ගෞරව්, මදුක පුල්සර, කවිරු කරුණානායක, අමයුරු උපනිත් හා මලිත පැහැසර සිසුහු තරගයට ඉදිරිපත් වූහ.
විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතාගේ මග පෙන්වීම මත දැනුම මිනුම කණ්ඩායම භාර ආචාරිණී සුජීවා අලහකෝන් මහත්මිය සිසුන් ජයග්‍රහනය කරා මෙහෙයවා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ පැතුම්! (නි)