(අමදෝරු අමරජීව)
නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී ගසාගෙන ගිය ජර්මන් ජාතිකයෙකු අද (04) බේරාගැනීමට පොලිස් ජිවිතාරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරිහු සමත්වුහ.
ජර්මන් ජාතිකයා මුහුදේ ඈතට ගසාගෙන ගොස් ඉන් බේරීමට දඟලන අයුරු ජිවිතාරක්ෂක ඒකකයේ කොස්තාපල්වරුන් වන (30505) මාරසිංහ, (66365) සමරසිංහ, (67459) මධුසංක, යන නිලධාරින් දැක ධීවරයන්ගේද සහය ලබාගෙන ගොඩබිමට රැගෙන විත් ප්‍රථමාධාර ලබාදී ඇත.
සිහිමුර්ජා වී සිටි ජර්මානු ජාතිකයා ත්‍රිකුණාමල රෝහලට ඇතුළත් කර ඇති අතර.ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බව රෝහල් ආරංචි මාර්ග කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙරුවන් පිහිටයි දරුවෝ ඔබට......... සුව වී ගම රට බලා යන්න ලැබේවා.............