IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මුහුදු ගිය ධීවරයකුගේ සිරුරක් කොග්ගලින් සොයාගනී

(ඩී.ජී.සුගතපාල)
 
පොකිරිස්සන් ඇල්ලීම සඳහා ඊයේ රාත්‍රියේ මුහුදු ගිය ධීවරයෙකුගේ මළ සිරුරක් අද(08) කොග්ගල සංචාරක හෝටලයක් පිටුපස තිබියදී සොයාගත් බව හබරාදුව පොලිසිය පවසයි.
 
මෙසේ මියගොස් ඇත්තේ හබරාදුව කොග්ගල පාලම අසල පදිංචි බාලගේ පේමරත්න නමැති 57හැවිරිදි අවිවාහක ධීවරයෙකු බවට හඳුනාගෙන ඇත.
 
මියගිය ධීවරයා ඊයේ තවත් අයෙකු සමග පොකිරිස්සන් ඇල්ලීම සඳහා මුහුදු ගොස් ඇති අතර ඔහු ගොඩට පැමිණියද,  අනෙක් පුද්ගලයා ඔහුගේ නිවසට ගොස් සොයා බැලීමේදී ඔහු නොසිටි බවත්, ඥාතියෙකු සමග පැමිණ පැමිණිල්ලක් සටහන් කර ඇති බවත් පොලිසිය පවසයි.
 
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මළ සිරුර කරාපිටිය රෝහල වෙත යැවීමට නියමිතය.
 
හබරාදුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

මුහුදු ගිය ධීවරයකුගේ සිරුරක් කොග්ගලින් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site