IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මුහුණු ආවරණය කරගත් තරුණයකු නිවසකට කඩාවැදී රන්මාලය, මුදල් සොරාගනියි

(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල්.චාමින්ද)
රත්ගම දේවිනිගොඩ ප්‍රදේශයේ  නිවසකට මුහුණ  ආවරණය කරගෙන  ඇතුල් වු අයෙකු  කැගසුවොත් මරණ බවට තර්ජනයකර   නිවසේ සිටි තරුණියකගේ ගෙල බැඳි රන්මාලය  හා  නිවසේ පහළ මාලයේ පවත්වාගෙන යනු ලබන වෙළදසැළේ  තිබු මුදල් සහ  සිගරට් සොරකම් කරගෙන ගොස් ඇති බැව් රත්ගම පොලිසිය කියයි.


 විසිඑක් හැවිරිදි වියේ පසුවන මෙම තරුණිය  මවගේ මහ ගෙදර  මවගේ නංගි, ආච්චි හා සහෝදරිය සමග පදිංචිව   සිටින්නිය. ඇය රාත්‍රී නින්දට ගොස් සිටියදි  ශබ්දයක් ඇසිම  නිසා  අවදිවි නාන කාමයට ගොස්  නැවත කාමරයට පැමිණ තිබේ. එහිදි  මුහුණ  ආවරණය කරගෙන පැමිණ අයෙකු තරුණියගේ මුහුණට විදුලි පන්දම දල්වා  කැගසුවොත් මරණ බවට තර්ජනයකර රුපියල් 72000ක් පමණ විටිනා රන් මාලය  කොල්ලකාගෙන නිවසේ  කෑම කාමරය ආසන්නයේ ඇති ජනේලයෙන් පිටව ගොස් ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.


 පසුව මෙම තරුණිය විසින් වැඩිදුරටත් නිවස පරික්ෂා කිරිමේ දි නිවසේ පහළ මාලයේ පවත්වාගෙන යනු ලබන වෙළද සැලේ තිබු මුදල් රුපියල් 53350ක් හා රුපියල් 9.800ක් වටිනා සිගරට් තොගයක්  සොරකම් කරගෙන  ගොස් ඇති බවද  සඳහන් වේ. පසුව රත්ගම පොලිසිය විසින් නිල සුනඛයින් හා සොකෝ නිලධාරින් ගෙන්වා  පරික්ෂණයක් සිදුකර ඇත. රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් විතානගේ මහතාගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ.



අදහස් (0)

මුහුණු ආවරණය කරගත් තරුණයකු නිවසකට කඩාවැදී රන්මාලය, මුදල් සොරාගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site