රොමේෂ් මධුෂංඛ
මුලතිව්, මුහුදුබඩපත්තුව, කුමුලමුනෙයි නැගෙනහිර ප්‍රදේශයට අයත් නිත්තකේක්කුලම වැව කැඩී යාමෙන් වැව අසළ ජීවත්වු පිරිසක් අතුරුදන්ව ඇති අතර වැව කැඩී යාමෙන් පහළ පිහිටි තවත් කුඩා වැව් 6 ක් කැඩී ගොස් ඇති බවට මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මේ අනුව නිත්තකේක්තුලම්, ඔඩ්ඩුසුඩාන්හි පිහිටි සාලම්බකුලම්, කරිප්පට්ට මුරිප්පුකුලම්, මාන්තෙයි නැගෙනහිර පාණ්ඩියන්කුලම්, පෙරියකුලම්, කනක්කනාර් කුලම් යන වැව්ද කැඩී ගොස් ඇති බවට මුලතිව් ආපදා කළමනාකරණ කාර්යාලයට තොරතුරු ලැබී ඇත.
මේ වන විටත් යුද හමුදාවේ 64 වැනි සේනාංකායේ නිලධාරීන් ඇතුළු ගුවන් හමුදා නිලධාරීන්ද එක්ව විපතට පත් වැසියන් බේරා ගැනීමේ කටයුතු සිදු කරයි.
වැව් කැඩී යාම හේතුවෙන් මේ වන විට මුලතිව්හි පවුල් 202 කට අයත් පුද්ගලයින් 647 දෙනෙකු විපතට පත්ව සිටිති.
මේ අතර කුමලමුනෙයි ප්‍රදේශවාසීන් පැවසූවේ වැව ආසන්නයේ පැළක පියා, මව හා දරුවෙකු ජීවත්ව ඇති අතර අදාළ පිරිස සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති අතර වැව ආසන්නයේ ගොවිතැන් කළ තවත් ගොවීන් තිදෙනෙකු පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවටද ආපදා නිලධාරීහු කියා සිටියහ.




2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ වැස්සෙන් මුලතිව් හි වැව් 6 ක් කැඩෙයි