මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නැවත එම ධුරයට පත් නොකරන්නැයි ඉල්ලමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කළ බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (30)  පැවැසීය.

ඉදිරියේ දී නිල කාලය අවසන් වන මහ බැංකු අධිපතිවරයාට අධිචෝදනා, නොයෙකුත් චෝදනා හා විවේචන ඇති බැවින් ඔහුට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වන බැවින් ඔහු නැවත එම ධුරයට පත් නොකරන ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බව දිනේෂ් ගුණවර්ධන මහතා කීය.

කඩා වැටී ඇති විශ්වාසය ගොඩනැගීමටත් සැකයෙන් තොරව මූල්‍ය කටයුතු කරගෙන යෑමට හා නිවැරැදි මූල්‍ය තීරණ ගැනීමටත් සුදුසු පුද්ගලයකු මහ බැංකු අධිපති ධූරයට පත් කරන ලෙසත් රටේ ප්‍රධාන මූල්‍ය ආයතනය දැනට චෝදනා පවතින හා පරීක්ෂණ සිදු වෙන පුද්ගලයකු පත් නොකරන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටින බව දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.