ඉතාලියේ මෙස්සීනා නගරයේ තානාපති ජංගම සේවාව මාර්තු 12 සහ 13 දෙදින උදේ 9 සිට මෙස්සීනා ප‍්‍රදේශයේ පියස්සා යුනියොන් යුරෝපෙයා 'සංකා පැලස් ' හි පැවැත්වෙන බව රෝම ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
අලූත් ගමන් බලපත් සහ තාවකාලික ගමන් බලපත් අයැදුම් කිරීම්, නව උපත් ලියාපදිංචි කිරීම, පුරවැසි අයැදුම් කිරීම්, රියැදුරු බලපත් අයැදුම් කිරීම් සහ කොන්සියුලර් සේවයේ අනෙකුත් ලිපි කටයුතු මේ දිනවල සිදුවන බව තානාපති කාර්යාලය කියයි. මාර්තු මස 12 වැනිදා උදේ 9 සිට සවස 5 දක්වා ද, පසුදින උදේ 9 සිට දහවල් 12 දක්වා ද සේවය සැපයෙන බවද කියැවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd