IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මුස්ලිම් සේවකයන් පළවාහරින්නැයි තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)
 
රඹෑව නගරයේ වෙළඳසැලක සේවය කරමින් සිටින මුස්ලිම් ජාතික සේවකයන් දෙදෙනා වහාම පන්නා දමන ලෙස වෙළඳසැල් හිමියාට මරණීය තර්ජනය කළේ යැයි කියන පුද්ගලයෙකු අද(13) අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගෙන ඇත්තේ මහකනදරාව, මිහින්තලය පදිංචි රඹෑව නගරයේ වෙළඳසැලක් පවත්වාගෙන යන 29 හැවිරිදි තරුණයෙකි.
 
රඹෑව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී තරිදු සමරවීර මහතා විසින් රඹෑව නගරයේ පවත්වා ගෙන යන මෙම වෙළඳසලෙහි කාලයක සිට මෙකී සේවකයන් දෙදෙනා සේවය කරන බව පොලිසිය කියයි.
 
සැකකරු බීමතින් පැමිණ සේවකයන් දෙදෙනා වහාම පලවා හරින ලෙස තර්ජන කළ බව මන්ත්‍රීවරයා විසින් පොලිසියට කළ පැමිණිලි කර තිබිණි. 
 
සැකකරු අද(13) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

මුස්ලිම් සේවකයන් පළවාහරින්නැයි තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site