( ගම්පහ තිලකරත්න දිසානායක , ටෝනි කරුණානායක.)
ගණේමුල්ල පරකන්දෙනිය ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරයකු සහ මේසන් වැඩ කරන්නකු අතර මහමගදී ඇති වු බහින්බස් වීමක් දුර දිග යාමෙන් මිටියකින් පහර කෑ සැරයන් වරයා තුවාල ලබා රාගම මහ රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලිසිය කියයි.
කොළඹ පොලිස් මුලස්ථානයේ පිරිස් පාලන අංශයෙහි සේවය කරන බව කියන මෙම සැරයන්වරයා මෝටර් රථයකින් යමින් සිටියදී මේසන් වැඩ කරන්නා සහ සිය පුත්‍රයා සමග යතුරු පැදියකින් පැමිණ ඇති අතර යතුරු පැදිය මාර්ගයට දැමීමට යාමේදී ඇති වු සිද්ධියක් බහින් බස් වීමට හේතුවී ඇතැයි පොලීසිය කියයි.
මෙහිදී සැරයන් පහත් අන්දමින් බැන වැදී යැයි කෝපයට පත්ව අතේ වූ මිටියෙන් සැරයන්ගේ හිසට පහර දී ඇතැයි මූලික පරීක්ෂණවලින් හෙළි වූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේසන් බාස්ගේ මිටි පහර නොකා ඉන්නත් පොලිස් සැරයන් දැනගත යුතුයි.