( ක.ග කරුණාරත්ත)
පොලොන්නරුව, පරාක්‍රම සමුද්‍රයේ බැඳිවැව ප්‍රදේශයේදී මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු දියට වැටී මියගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
එම අනතුරින් මියගොස් ඇත්තේ පොලොන්නරුව, බැඳිවැව පැරකුම් පෙදෙස අංක 46 ලිපිනයේ පදිංචිව සිටි 52 හැවිරිදි එස්.ඒ කරුණාරත්න යන අයයි.
මේ පුද්ගලයා බිලි පිත්තක් යොදාගෙන වැවේ මාළු බාමින් සිටියදී හදිසියේම ඔහු දියට ඇද වැටෙනු අසල සිටි අයෙකු දැක තිබෙන බවත් ඉන් අනතුරුව ඔහු දියෙන් ගොඩට රැගෙන විත් රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් ඇතැයි පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණයවී ඇත.
මිය ගිය පුද්ගලයා මීට පෙරද සිහිසුන්ව ඇද වැටෙන රෝගී තත්වයෙකින් පසුවූ අයකු බවද හෙළිවී තිබේ.
පොලොන්නරුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd