රංජිත් රාජපක්ෂ
හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන මස්කෙලිය සමන්එලිය මහ විද්‍යාලයේ සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් තුවාල ලැබු පාසල් සිසු සිසුවියන් 25 දෙනෙකු පමණ මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව මස්කෙලිය පොලිසිය කියයි.
අද (14) දහවල් පාසලේ විවේක කාලයේ දී ක්‍රිඩා පිටියේ සෙල්ලම් කරමින් සිටි සිසු සිසුවියන් පිරිසකට මෙලෙස බඹර ප්‍රහාරය එල්ල වී තිබේ.
මෙම ප්‍රහාරයෙන් පහ වසරේ සිසු සිසුවියන් පිරිසක් තුවාල ලබා ඇති බව එම විදුහලේ ගුරුවරයකු කීය.
බඹර ප්‍රහාරය එල්ල වීම නිසා හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය පරිදි පාසල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd