(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)
මස්කෙළිය සාමිමලේ, ගවරවිල තේ වතුයායේ බාග්‍රෝ කොටසේ වතු නිවාස පේළියක පිහිටි නිවසක අද (10) පස්වරුවේ ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම නිවසේ උඩු මහළ සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව තිබේ.
ගින්න ඇතිවන අවස්ථාවේ නිවැසියන් තේ වතුයායේ දෛනික සේවය සඳහා ගොස් සිටි නිසා කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැත.
එම වතු නිවාස පේළියේ පදිංචි වතු කම්කරුවන් ඇතුලු පිරිසක් මෙම ගින්න පැතිරයාම වළක්වා වහා ගින්න නිවා දැමීමට පියවර ගැනීම නිසා අනෙකුත් නිවාස වලට සිදුවීමට තිබූ අනතුර වළක්වාගෙන ඇත. මෙම ගින්නෙන් එම නිවසේ ගෘහ භාණ්ඩ, ඇඳුම් පැළඳුම් දැවී විනාශයට පත්ව තිබේ.
මෙම නිවසේ පදංචිව සිටි කුඩා ළමයින් ඇතුලු දස දෙනෙක් අවතැන්ව ඔවුගේ ඥාතීන්ගේ නිවාසවල තාවකාලිකව ලැගුම්ගෙන සිටිති.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැකකරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් මස්කෙළිය පොලිසිය පවසයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මස්කෙළියේ නිවසක ගින්නක්