IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මාවුස්සාකැලේ ජලාශ මායිමේ කුඹුක් පැළ රෝපණය කරයි

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර ඇති “ගොවිජන තුරු මිතුරු රුක් රෝපණ” ජාතික වැඩසටහනට සමගාමීව මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශ මායිමේ කුඹුක් පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් අද (08) පෙරවරුවේ පැවැත්විණි.
 

නෝටන්බ්‍රීජ්. විදුලිපුර ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් සංවිධානය කර තිබූ මෙම රුක් රෝපණ වැඩසටහනේදී, මාවුස්සාකැලේ සමන් දේවාලය ඉදිරිපිට මාවුස්සාකැලේ ජලාශ මායිමේ හැටන් අඩවි වන කාර්යාලය මගින් ලබා දී තිබුණ කුඹුක් පැළ 100 ක් පමණ රෝපණය කිරීම සිදු කෙරිණි.
 
මාවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන ජල මූලාශ්‍ර ආශ්‍රිතව මෙම රුක් රෝපණ කටයුතු සතියක් පුරා ක්‍රියාත්මක කරන බව නල්ලතන්නිය, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර ඩබ්.එම්. ප්‍රභාත් වික්‍රමසිංහ මහතා මෙහිදි පැවසීය.
 
මෙම අවස්ථාවට හැටන් අඩවි වන කාර්යාලයේ අඩවි වන නිලධාරී හෙට්ටිආරච්චි, විදුලිපුර ගොවිජනසේවා මධ්‍යස්ථානයේ ස්ථාන බාර නිලධාරිණී පී.සී.එම්. කුරේ, මාවුස්සාකැලේ යුද හමුදා අනු කණ්ඩයේ අණ දෙන නිලධාරී කපිතාන් ජයම්පති, වන ව්‍යාපෘති නිලධාරිණී සුධර්ධා මැණිකේ, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර ඩබ්. එම්. ප්‍රභාත් වික්‍රමසිංහ,මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ කාර්මික නිලධාරි හේමන්ත යන මහත්ම මහත්මීන්, මාවුස්සාකැලේ ජලාශ ආරක්ෂක අංශයේ නාවුක හමුදා නිලධාරීන්, විදුලි බල මණ්ඩලයේ ආරක්ෂක අංශයේ නිලධාරීන්, හැටන් අඩවි වන කාර්යාලයේ නිලධාරීන් හා රිකාටන් ගොවි සමිතියේ සාමාජිකයින් ඇතුළු පරිසර හිතකාමීහු පිරිසක් සහභාගි වූහ.

 



අදහස් (1)

මාවුස්සාකැලේ ජලාශ මායිමේ කුඹුක් පැළ රෝපණය කරයි

Raveendra Tuesday, 08 October 2019 09:08 AM

අනාගත පරපුර වෙනුවෙන් ඔබලා කරන ලද මෙම ආයෝජනය පිළිබදව අප අවංකවම ඔබලාට ස්තුතිවන්ත වන්නෙමු. සහභාගිවු ඔබ සියලුදෙනාට යහපතක්ම වේවා !!!

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site