(දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිදුණුවැව යකල්ල ප්‍රදේශයේ නිවසක ශිතකරණයේ බහා තිබු මුවමස් කිලෝ පහක් සමඟ 42 හැවිරිදි කාන්තාවක් වනජිවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත් අඩංගුවට ගත් කාන්තාව ගලෙන්බිදුණුවැව යකල්ලේ පදිංචි අයෙකි.
වනජිවි දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත මෙම වැටලිම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගනු ලැබු සැකකාර කාන්තාව මුවමස් බහා තිබු ශිතකරණයද සමඟ අද (24) අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd