IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මාවනානේ පේමානන්ද නාහිමි සමරුව සිකුරාදා

ජිනීවා බෞද්ධ විහාරාධිපති තවලම ධම්මික හිමියන් ඇතුළු අගනා සිසු පරපුරක් බිහි කළ කීර්තිමත් සඟරුවනක්ව වැඩ විසූ මාවනානේ පේමානන්ද හිමියන්ගේ 14 වැනි ගුණ සමරු පිංකම මාර්තු 11 වැනි සිකුරාදා සිදුකිරීම සඳහා හබරකඩ ශ්‍රී විජයානන්ද රජමහා විහාරස්ථානාධිපති හබරකඩ ඉන්දරතන හිමි ප්‍රමුඛ ශිෂ්‍ය පිරිස සහ පිරිවෙන් දායක සභාව කටයුතු යොදා ඇත.

පේමානන්ද නාහිමියන්ගේ 86 වසරක ජීවන ගමන්මග බෙහෙවින්ම අර්ථ සම්පන්නවූවක් බවත් උන්වහන්සේ සම්බුද්ධ ශාසනයට මෙන්ම රටට ජාතියට සුවිසේශී සේවාවක් ඉටු කළ උතුම් බුදුපුතණුවන් වහන්සේ නමක්වූ බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගල්කිස්ස බෞද්ධායතනාධිපති දිව්යාගහ යසස්සි හිමියෝ පැවසුහ.

මාවනානේ සෝනුත්තර නාහිමියන්ගේ ශිෂ්‍යවරයකු ලෙස මහන උපසම්පදාව ලැබූ පේමානන්ද හිමියෝ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙන් ප්‍රාචීන පණ්ඩිත උපාධිය සමත්ව ගුරුවරයකු ලෙස ගාල්ලේ විද්‍යාලෝක සහ කිතුලම්පිටිය ආනන්ද යන පිරිවෙන්වල කලක් සේවය කොට තම ගුරුබිම වූ හබරකඩ ශ්‍රී විජයානන්ද රජමහා විහාරයෙහි එනමින්ම පිරිවෙනක් ආරම්භ කොට අපවත්වීම දක්වාම එහි පරිවේනාධිපති ධුරය හොබවමින් වටිනා සිසු පරපුරක් බිහිකිරීම උදෙසා ඉටුකළ සේවාව අනුපමේය වෙයි.

දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික ජේෂ්ඨ ධර්මාචාර්ය හබරකඩ ඉන්දරතන හිමි, විශ්‍රාමික විදුහල්පතිවරුන් වන මාවනානේ නන්දසාර හිමි,  එප්පල සෝරත හිමි, කඩිහින්ගල ජිනරතන හිමි, පාන්තියේ පියදස්සි හිමි, ජිනීවා බෞද්ධ විහාරාධිපති තවලම ධම්මික හිමි,  ස්විට්සර්ලන්තයේ හල්විටිගල සුජාත හිමි, ප්‍රංශයේ තලංගල්ලේ සුමංගල හිමි, ඇමෙරිකාවේ තවලම සරණ හිමි, ජර්මනියේ බටුවන්ගල සමුද්ධි හිමි, කථිකාචාර්ය ලේල්වල අරියධම්ම හිමි සහ දෙල්වල මංගල හිමි වැනි සිසු පිරිසක් උන්වහන්සේ ආරම්භ කළ ශාසනික සේවාව දෙස් විදෙස් වල මෙන්ම ශ්‍රී ලංකාවේ ද තවදුරටත් සිදුකරගෙන යනු ලබති.

හබරකඩ ශ්‍රී විජයානන්ද රජමහා විහාරය, බුදුගල රජමහා විහාරය, හෝකන්දර ශ්‍රී විජයානන්ද ධර්මායතනය, හවරකඩ බටහිර ජේතවනාරාමය, ඇළ ඉහළ අභිනවාරාමය, බටහේන ධර්ම ගවේෂී ධර්මායතනය ඇතුළු විහාරාරාම රැසක ආධිපත්‍යය හොබවමින් ඒවායෙහි දහම් පාසල් පවත්වාගෙන යමින් ඉටුකළ සේවා බොහෝය.

හිනිදුම්පත්තුව ශාසනාරක්ෂක මණ්ඩලය ඇතුළු පළාතේ විවිධ සමාජ ආයතනයන්හි තනතුරු හොබවමින් උන්වහන්සේ වැදගත් සේවයක් ඉටු කළහ.

ගුරුවරයකු, උපදේශකවරයකු මෙන්ම අපුරු හැකියාවන්ගෙන් සමන්විත දක්ෂ ධර්ම කථිකයාණන් කෙනෙකුවූ උන්වහන්සේගෙන් සිදුවූ මේ සේවාවන් අගය කරනු වස් මල්වතු මහා විහාරය විසින් උන්වහන්සේ ගාලු මාතර දෙදිසාවේ අධිකරණ සංඝ නායක ධුරයෙන් සම්මානිත කරවනු ලැබිය.

 

 

 

 



අදහස් (0)

මාවනානේ පේමානන්ද නාහිමි සමරුව සිකුරාදා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site