ක.ග කරුණාරත්න
මුව මස් කිලෝ 25 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ දියබෙදුම, ඇලිකිඹුලාව ප්‍රදේශයේ දී අද (1) උදේ අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරිහු කියති.
සැකකරුවන් සන්තකයේ තිබී බෙහෙත් කොටන තුවක්කුවක්ද වනජීවී නිලධාරීන්ගේ බාරයට ගෙන ඇත.
දියබෙදුම ඇලිකිඹුලාව පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් වන සතුන් දඩයම් කර මස් විකිණීමේ ජාවාරමක නිරතව සිටින අය බව විමර්ශනවලදී හෙළිවී ඇතැයි වැටලීම සිදු කළ දියබෙදුම වනජීවී කාර්‍යාලයේ නිලධාරීහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd