(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංඛ)
මුලතිව් සෙල්වපුරම් පනංකූඩල් ප්‍රදේශයේ වන ලැහැබක තිබියදී තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කරන ලද තරුණයකුගේ මළ සිරුරක් සොයා ගත් බව මුලිතිව් පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මුලතිව් කල්ලප්පාඩු උතුර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි වරදරාජා සාදානීසන් පුද්ගලයෙකි.
මිය ගොස් ඇති තරුණයාට කිසියම් පිරිසක් විසින් පහර දී ඝාතනය කර ඇති බවට මුලතිව් පොලීසිය සැක පල කරයි.
තරුණයා මියගිය ස්ථානයේ තරුණයාට අයත් යතුරුපැදිය ද තිබූ අතර අදාළ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතරම මුලතිව් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd