රොමේෂ් මධුෂංඛ
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ළිඳක් පිරිසිදු කළ සේවකයින් පිරිසකට ළිඳ තුළ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට වූ සැකයක් හේතුවෙන් ළිඳ පරික්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශයට එහි තිබි මෝටාර් උණ්ඩ නමයක් හමු වූ බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසූවේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවට අයත් පොදු ළිඳක් ප්‍රාදේශීය සභා සේවකයින් හා ප්‍රදේශවාසීන් අදාළ ළිඳ පිරිසිදු කිරීමට ජලය ඉවත් කර ඇති අතර, එහිදී එම පිරිස් විසින් පුපුරණ ද්‍රව්‍ය දැක සිදුකළ දැනුම්දීමක් මත පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන් විසින් අදාළ ළිඳ පරීක්ෂා කළ බවයි.
පුදුකුඩිඉරිප්පු පොලීසිය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් ගොඩ ගත් මෝටාර් බෝම්බ නිශ්ක්‍රීය කිරීමට පියවර ගත් බවට ද පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd