රොමේෂ් මධුෂංඛ
මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ළිඳක් පිරිසිදු කළ සේවකයින් පිරිසකට ළිඳ තුළ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට වූ සැකයක් හේතුවෙන් ළිඳ පරික්ෂා කළ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශයට එහි තිබි මෝටාර් උණ්ඩ නමයක් හමු වූ බව පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසූවේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය සභාවට අයත් පොදු ළිඳක් ප්‍රාදේශීය සභා සේවකයින් හා ප්‍රදේශවාසීන් අදාළ ළිඳ පිරිසිදු කිරීමට ජලය ඉවත් කර ඇති අතර, එහිදී එම පිරිස් විසින් පුපුරණ ද්‍රව්‍ය දැක සිදුකළ දැනුම්දීමක් මත පොලිස් විශේෂ කාර්ය බළකා සෙබලුන් විසින් අදාළ ළිඳ පරීක්ෂා කළ බවයි.
පුදුකුඩිඉරිප්පු පොලීසිය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග යටතේ කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් ගොඩ ගත් මෝටාර් බෝම්බ නිශ්ක්‍රීය කිරීමට පියවර ගත් බවට ද පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මුලතිව්හි ළිඳකින් කොටි කාලේ මෝටාර් උණ්ඩ 9 ක් සොයාගනී