සිතුම් චතුරංග සහ ඉන්දිකා රාමනායක
මුලතිව් ඔඩ්ඩුසුඩාන් තන්නිවුරු රක්ෂිතයේ පුරාවිද්‍යා භූමියේ ගල්තලාවක් මත නිධන් හාරමින් සිටි පුද්ගලයන් දස දෙනෙක් අද මුලතිව් විශේෂ කාර්ය බලකා කඳවුරේ භටපිරිස් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම පිරිස අතර හිටපු එල් ටී ටී ඊ කමාන්ඩෝ භටයෙකු ද සිටින බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
බුද්ධි තොරතුරු මත භට පිරිස් සැකකරුවන්ට පැන යාමට නොහැකි පරිදි අදාල ප්‍රදේශය වටලා මෙම වැටලීම් සිදුකර ඇති බවද විශේෂ කාර්ය බලකා ආරංචි මාර්ග සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩවත, වත්තේගම, නුවරඑළිය, විශ්වමඩු, මන්නාරම යන ප්‍රදේශවල පදිංචිතරුවෝ වෙති.
මොවුන් නිධන් හෑරීම සදහා ගල්තලාවේ අඩි 15 පමණ වලක් හාරා තිබු බවද විශේෂ කාර්ය බලකාය කියයි. සැකකරුවන් සතුව ඩෙටනේටර් 23 ක්, පුපුරණ ද්‍රව්‍ය කරල් 13 ක්, ජෙනරේටර්යක්, ගල්විදිනයක් ආදි භාණ්ඩ රැසක් තිබී ඇත.
(ඡායාරූප සිතුම් චතුරංග)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා... නියමයි බොහොම වැදගත් අපගේ ප්‍රණාමය.