IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මුලතිව් හි නියඟයෙන් 35232 ක් පීඩාවට

 

 

 

සිතුම් චතුරංග

            මුලතිව් දිස්ත‍්‍රික්කයට බලපා ඇති නියං කාලගුණික තත්වය හේතුවෙන් එම දිස්ත‍්‍රික්කයේ පවුල් 9800 අයත් පුද්ගලයින් 35232 පිරිසක් පීඩාවට පත්ව ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

            මුලතිව් පුදුකුඩිරිප්පු, මරදන්කට්ටු, වැලිඔය හා තුණුක්කායි යන ග‍්‍රාම සේවා කොට්ඨාසයන්වලට අයත් පවුල් 9800 ක පුද්ගලයින් මෙලෙස පීඩාවට පත්ව ඇති බව සඳහන් කළේය.

            මාස ගණනක සිට පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් එම ප‍්‍රදේශයේ වැව් සහ ළිං සිඳීගොස් ඇති අතර ජලය නොමැති වීමෙන් විශාල ලෙස වගා හානිද සිදුව ඇති බව කීය.

            ප‍්‍රදේශයේ කුඩාවැව් සියල්ල සිඝ්‍රයෙන් ජලය බැස යාම හේතුවෙන් පීඩාවට පත් පිරිස් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බවද මුලතිව් දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීහු අනාවරණය කළේය.

            මුලතිව් ආපදා කළමනාකරණ ඒකකය පැවසූයේ පීඩාවටපත් ජනතාව වෙනුවෙන් ග‍්‍රාම නිලධාරී කොට්ඨාසවලට අයත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඔස්සේ ජල බවුසර යොදාගෙන ජලය බෙදාහැරීම සිදුකරන අතර පානීය ජල සඳහා විවිධ ස්ථානයන් හි තාවකාලික ජල ටැංකි යොදාගෙන ඇති බවයි.

             

 



අදහස් (0)

මුලතිව් හි නියඟයෙන් 35232 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site