ඉරිදා සහ පොහොය දියවල උපකාරක පංති පැවැත්වීම නවත්වන්නැයි රජයට සහ උපකාරක පංති ගුරුවරුන්ට බල කරමින් මොරවක නගරයේ විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණයක් අද (29) පැවැත්විණි.
පිටබැද්දර සහදම් ගුරු සංගමය සංවිධානය කළ මේ විරෝධතාවට භික්ෂූන් වහන්සේ පිටබැද්දර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් 31ක ගුරුවරු, මව්පියෝ ඇතුළු දහසකට අධික පිරිසක් එක්ව සිටියහ.
ගාල්ල දෙණියාය මාර්ගයේ මොරවක නගරය අවහිර කරමින් මොවුහු උද්ඝෝෂණයේ නිතර වූ අතර ඊට සහාය පළ කරමින් නගරයේ සියලු වෙළෙඳසල් වසා තිබිණි. ත්‍රීරෝද රථ රියැදුරෝ ද සහාය පළකරමින් සේවාවෙන් ඉවත්ව සිටියහ.
මේ නිසා මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පැවැති අතර ගාල්ල දෙණියාය ප්‍රධාන මාර්ගයේ මොරවක නගරයේ මාර්ගය මැද සිට උද්ඝෝෂකයන් විවිධ සටන් පාඨ කියමින් පෝස්ටර් බැනර් අතැතිව උද්ඝෝෂණයේ යෙදුනහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොරවකට නොවෙයි කොහේටවත් එපාමයි. එය දරුවන්ට නොවෙයි හැමෝටම කරන හානියක්. එක දවසක්වත් දරුවන්ට ගෙදර ඉන්න දියයුතුයි. (නි)
ටියුෂන් සම්පුර්ණයෙන්ම නවත්තන්න ඕනෑ තමයි. (නි)
හරි, දැන් ටියුෂන් නැවැත්තුවා කියමු. ළමයි දහම් පාසල් එන්නේ නැහැ, පුස්තකාලයට ගිහින් පාඩම් කරනවා. එතකොට පුස්තකාල වලින් ළමයි එළියට ඇද දාපල්ලා කියලා උද්ඝෝෂණ කරනවාද? ගෙදර හිටියොත් ගෙවල්වල ඉන්න එපා කියලා පිකටින් කරනවාද?මොකද මේක තමන්ගේ තෝරාගැනීම ගැන ප්‍රශ්නයක්. (නි)