එක්සත් ජාතික පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නිශාන්ත වර්ණසිංහ මහතා ගේ අගලවත්ත බදුරලිය පක්ෂ කාර්යාලයට අද ( 26) අලුයම ප්‍රහාර දෙකක් එල්ල වී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
ගිනි අවි සහිතව ජීප් රථයකින් පැමිණි මැර කණ්ඩායමක් මෙම මෙම ප්‍රහාර එල්ල කළ බව ද එම සංවිධානය පවසයි.
කැෆේ සංවිධානය මෙසේ ද කියයි.
‘මැතිවරණයේ මේ දක්ව කැෆේ සංවිධානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 536 කි. එයින් 26 ක් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙනි. ගෙවී ගිය දින 7 ක කාලයේ ගිණි අවි සහිතව සිදු කළ පළමු ප්‍රහාරය බදුරලිය දී නිශාන්ත වර්ණසිංහ මහතා ගේ කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය යි.
ප්‍රහාරයෙන් අජිත් ප්‍රියන්ත සහ ඩී.කේ. ජයතිලක යන අය තුවාල ලබා ඇත. සිද්ධිය ඇසින් දුටුවෙකු පැවසූවේ ‘ජීප් රථයකින් පැමිණී කණ්ඩායමක් එකවරම ගිණි අවි සහ යකඩ පොළු සහිතව කාර්යාලයට කඩා වැදී පහරදුන්නා. භාණ්ඩ සහ ප්රචාරක පුවරු ප්රහාරයෙන් විනාශ වී තිබෙනවා. මේ පිළිබද පොලීසියට පැමිණීලි කිරීමට ගියා. ඉන් පසුව මේ පිරිස නැවත එම වාහනයෙන්ම පැමිණ නැවත වරක් ප්රහාරයක් එල්ල කළා.‘
කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ මැර ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රසිද්ධ දේශපාලනඥයෙකුට අයත් කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කොට ඇත. යහපාලනයක් සදහා වූ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයින් අතර මානාප සදහා තියුණු තරගයක් නිර්මාණය වී ඇති අතර මෙම ගැටුම එහි ප්‍රතිඑලය කි.
දිගින් දිගටම පොලීසිය විසින් නීති විරෝධී ප්‍රචාරක ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම හේතුවෙන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සැලකිය යුතු මට්ටමකින් පහත වැටී ඇත.‘
2025 ඔක්තෝබර් මස 08
1972
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මැරයෝ වර්ණසිංහගේ කාර්යාලයයට පහරදෙති