(නාඋල - ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය සඳහා අක්කර 8000ක් වූ ජලාශයේ පතුල සුද්ද කිරීම හේතුවෙන් වන අලින් ගම් වැදීමේ අවදානමක් පවතින බව ගම්මාන රැසක ජනතාව පවසති.
වාරි ව්‍යාපෘතියේ ජල පෝෂක කලාපය වන ඇලගමුවල තලාගොඩල කඹරව සහ කොන්ගහවෙල ආදී ප්‍රදේශ රැසක සියළුම ගස් ඉවත් කරමින් ජලාශයේ පතුල සුද්ද කිරීම මහවැලි අධිකාරීය විසින් ආරම්භ කර තිබේ.
ප්‍රදේශයේ මෙතෙක් ජීවත් වූ වන අලි ඇතුළු අනෙක් සතුන්ට ආහාර සොයා ගැනීම අභියෝගයක් වී ඇති නිසා වන අලි ආහාර සොයා ගම් වැදීම හේතුවෙන් ප්‍රදේශ රැසක වන අලි බිය ඇති වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට අලිමංකඩ ඔස්සේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ආහාර සොයා පැමිණෙන වන අලින්ගෙන් මිනිස් ජීවිත මෙන්ම තම බෝග වගාවන් රැක ගැනීම ප්‍රදේශවාසීන්ට අභියෝගයක් වී ඇත.
මේ තත්ත්වය හේතුවෙන් ජලාශයට එපිටින් පිහිටි ගම්මාන වන ඕපල්ගලල ගල්බොඩල අඹන සහ නාඋල ආදි ප්‍රදේශවලට ද ඉදිරියේදී දුෂ්කරතා රැසකට මුහුණපෑමට සිදුවන බව ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන් වෙත දන්වා ඇත.
මේ සම්බන්ධයෙන් මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ එළඹෙන වැසි සමය ඉලක්ක කරගනිමින් ජලාශයේ පතුළ සුද්ද කිරීම සිදුවන බවයි.
එසේම ජලාශය අවට ජීවිත් වු වන අලින් හා සෙසු සතුන් සඳහා වෙනම වනජීවි කලාප ඉදිකිරීම, ගම්මානය හා ජලාශය වෙන්කරමින් ස්ථිර අලි වැටක් ඉදිකිරීම, වන අලින් සඳහා වානාන්තර තුළ වැව් ඇති කිරීම, වන වගා නැවත ඇතිකිරීම ආදී ව්‍යාපෘති රැසක් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.
මෙම ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් පවුල් සඳහා මෙන්ම අවට ප්‍රදේශවාසීන්ගේ සුභ සිද්ධිය සඳහා විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමද මෙහිදී සිදුවේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගස් කපල ජලාශ හදනවා. මොන පිස්සු වැඩද? ඒ කාලේ වැව් හදනකොට රටේ 83%ක් වන ගහනය තිබුනා. දැන් 17%ක් වෙලා තියෙද්දිත් තවත් ගස් කපනවා. මේ අනුවනයින්ට තේරෙන්නේ නැද්ද ඔය හදන ජලාශ වලට ජලය පිරෙන්නේ කොහෙන්ද කියල. මේ රටේ පරිසර සංරක්‍ෂණයක් නැහැ. කරන්නෙම පුටුව කඩලා අටුව හදනවා නැත්නම් අටුව කඩලා පුටුව හදනවා වගේ වැඩ. කොකා කළත් වැනසෙන්නේ පරිසරයයි එහි අහිංසක වන ජීවීන් ටිකයි විතරයි.