(එස්. ඩී. කොඩිකාර )
අකුරැස්ස තලහගම හරහා මාකඳුර මාර්ගය වසර 10කට අධික කාලයක් ප්‍රතිසංස්කරණය නොකරන බව පවසමින් ගම්වාසීන් 300ට අධික පිරිසක් අද (26) අකුරැස්ස තලහගම මාර්ගය නාගහ අසළ මංසන්ධිය මුළුමණින්ම අවහිර කර උද්ඝෝෂණයක නිරත වූහ.
පෝරතොට පාසල ආසන්නයේ සිට කිතුල්ඇල්ල වත්ත දක්වා කිලෝමීටර් 6 ක පමණ දුරක් වසර 10කට අධික කාලයක් තිස්සේ ප්‍රතිසංස්කරණය නොකළ හෙයින් මාර්ගයේ විශාල වළවල් සෑදී ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ඔවුහු පැවසූහ.
ප්‍රදේශවාසීයෙකු වූ තිලක් ඒකනායක මහතා මෙසේ පැවසීය.
“මෙම මාර්ගය දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ගයක්. මේ වනවිට මාර්ගයේ ගමන් කිරීමට නොහැකි තරම් වළවල් සෑදී තිබෙනවා. දිනකට පාසල් පාසැල් ළමුන් 300කට අධික ප්‍රමාණයක් මෙම මාර්ගයේ ගමන් කරනවා. මුලටියන, අතුරලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකටම මෙම මාර්ගය අයත්වෙනවා වගේම මෙයින් අකුරැස්ස මාවරල, කඹුරුපිටිය පොලිස් වසම් තුනක් ආවරණය වනවා. බලධාරීන්ට කියා බැරිම තැන තමයි ගම්වාසීන් උද්ඝෝෂණය කරන්න පටන් ගත්තේ. අද අපි බලධාරියකු පැමිණ විසඳුමක් ලබාදෙනතුරු දිගටම මේ උද්ඝෝෂණය කරගෙන යනවා ” යැයි ඔහු පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මාර්ගයක් පිළිසකර කරන්නැයි ඉල්ලා අකුරැස්සේ විරෝධතාවක්