ඩබ්ලිව්.ඒ.අසේල
මයිලපිටිය ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් අතරතුරදි පිරිසක් අතර ඇතිවූ ගැටුමකට සම්බන්ධ පුද්ගලයින් දහතුන් දෙනෙකු අද (14) තලාතුඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 18 ත් 22ත් අතර තරුණයින් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවන්ගේ ගැටුම නිසා ගුටිබැට හුවමාරුකරගත් මවුවරු දෙදෙනෙක් ද අත්අඩංගුවට පත්වූවන් අතර වෙති.
ගැටුමෙන් කිහිප දෙනෙකු සුළු තුවාල ලබා මාරස්සන හා හඟුරන්කෙත රෝහල්වලින් ප්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇත. සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරික්ෂණ දියත් කොට ඇත.
සැකකරවන් හෙට (15) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd