(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ආගරපතන පොලිස් වසමට අයත්, බෝපත්තලාව රක්ෂිතයේ තිබී මිනිස් හිස් කබලක් හා ඇටකටු අද (20) සොයාගෙන ඇති අතර බෝපත්තලාව ප්‍රදේශයේ දර කැඩීමට ගිය අයෙක් මෙම හිස් කබල දැක පොලීසියට දන්වා තිබේ.
මෙම හිස් කබල සොයා ගන්නා අවස්ථාවේ ලණුවකින් ගසක එල්ලා තිබී ඇති අතර ඒ අසල තිබී එම සිරුරේ බවට සැක කළ හැකි ඇට කටු කීපයක් හා ඇඳුම් හා කුඩයක්ද පොලීසිය මගින් සොයාගෙන තිබේ.
බෝපත්තලාව ප්‍රදේශයේ පදිංචිව සිට 2017 වසරේ ජූලි මස අතුරුදන්ව සිටි අසූ හැවිරිදි විවාහක පුද්ගලයෙකුගේ සිරුරේ කොටස් බවට ඔහුගේ පවුලේ සාමාජිකයින් සැක කරන බව මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වන ආගරපතන පොලීසිය පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd