IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මොනරාගල දිස්ත්‍රික්කයේ කුඩා වැව් 15 ක් ප්‍රතිසංස්කරණයට

 

(කේෂර ගුණතිලක)

වාරි සෞභාග්‍යා වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ කුඩාවැව් 15ක් ප්‍රතිසංස්කරණයට  පියවර ගෙන ඇතැයි මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කුමාරසිරි රත්නායක මහතා පැවසීය.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කරමින් ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ අරමුණෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන කුඩා වැව් 1000ක් ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පළමු අධියර යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ තෝරාගත් කුඩා වැව් මෙලෙස ප්‍රතිසංස්කරණය කෙරේ.

ග්‍රාමීය කුඹුරු ආශ්‍රිත වැව් සහ වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ මෙම වැව් ප්‍රතිසංස්කරණය කරන අතර යල මහ දෙකන්නයේම කුඹුරු අස්වැද්දීමට ජලය සැපයීමට නියමිතය.

මෙම වැඩපිළිවෙල යටතේ තලකොලවැව,පරලුවැව ,ගලපිටආර,කොළඹවාඩිය,හරිගල්පොත්ත,පලුකපිටිය,ඉඳුරුගස් වැව, වැව,කරුවලකන්ද,දඹේආර,ගිගිරිඇල්ල,සියඹලාගස් යාය,නුගගොල්ල,මහපැලැස්ස,හික්කඩුව,අලවත්තකුඹුර යන වැව් ප්‍රතිසංස්කරණය කරන අතර කුඹුරු අක්කර 1302  කට පමණ දෙකන්නයේ දියවර සැපයීමට නියමිතය.

මෙමඟින් ගොවි පවුල් 1384 කට සෙත සැලසේ.

මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව සාකච්ඡාවක් ග්‍රාමීය කුඹුරු ආශ්‍රිත වැව් සහ වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒ.පී ජගත් පුෂ්පකුමාර,වෛද්‍ය ගයාශාන් නවනන්ද මොනරගල දිසාපති ගුණදාස සමරසිංහ යන මහත්වරුන් සහභාගී වූහ.



අදහස් (0)

මොනරාගල දිස්ත්‍රික්කයේ කුඩා වැව් 15 ක් ප්‍රතිසංස්කරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site