නිමල් ජයරත්න
දිඹුලාගල මනම්පිටිය ගම්මානයට අද (31) උදෑසන කඩා වැදුණු වන අලියකු නිසා බියට පත්වූ ගම්වාසීන් හා පාසල් සිසුහු නොසන්සුන්තාවයකට පත්ව ඇත.
නැගෙනහිර මනම්පිටිය ප්‍රදේශයේ වෙල්යායක ගොයම් කමින් සිටි මෙම වල් අලියා මනම්පිටිය ප්‍රධාන මාර්ගය හරහා ගම්මානයට කඩා වැදී ඇත.
ගම් වැදුණු වන අලියා පැයක පමණ කාලයක් ගම පුරා සැරිසරා ඇති අතර අලි වෙඩි දමා අලියා රක්ෂිතය තෙක් පලවා හැරීමට කටයුතු කර ඇත.
මාගම්පිටය වනජීවී නිලධාරීන් පැමිණ ගම්මානයට ආරක්ෂාව ලබා දී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතාගේ ඇඟ හැම තැනම වෙඩි උන්ඩ වලට හැදුනු ගෙඩි. මිනිස්සු කවදද සතුන්ට නිදහසේ ඉන්න දෙන්නේ.