(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත මුන්නේශ්වරම ශ්‍රී ඊශ්වර මහා දේවාලයේ උතුරු සහ බස්නාහිර පෙදෙසින් කෝවිලට ඇතුළු වන දොරටුවල අභිනවයෙන් ඉදි කර ඇති ගෝපුර කුලුනු දෙකෙහි කුම්භාබිසේකම් උත්සවය අද(8) උත්සවාකාරයෙන් සිදුකෙරිණි.
සියලු ආගමික වතාවත් උදෑසන 8.00ට පැවැත්විණි.
කෝවිලේ ප්‍රධාන පූජක බ්‍රහ්මචාරි එස්. පත්මනාභ කුරුක්කල්වරයාගේ ප්‍රධානත්වයෙන් පූජකවරුන් රැසකගේ සහභාගීත්වයෙන් කුම්භාබිසේකම් උත්සවය ඉන් අනතුරුව පැවැත්විණි.
මෙම දේවාලයේ ගෝපුර කුලුනු තුනක් අභිනවයෙන් ඉදි කර ඇති අතර, මේ සඳහා රුපියල් කෝටි දහයකට ආසන්න මුදලක් වැය වි ඇති බව දේවාල භාරකාර මණ්ඩලයේ සාමාජිකයෙක් පැවැසීය.
විවිධ ප්‍රදේශවලින් බැතිමත්හු රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd