(ක.ග කරුණාරත්න)
පොලොන්නරුව - හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේදී අද (27) පස්වරු 2.20ට පමණ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණලා ගැටීම නිසා සිදු වූ අනතුරක් හේතුවෙන් මෝටර් රථයේ ගමන් ගත් අඹුසැමියන් සහ ඔවුන්ගේ දරුවා තුවාල ලබා ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
තුවාලකරුවන් සියළුම දෙනා ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කොට ඇත. ඔවුහු පොලොන්නරුව රෝහල් හංදිය, ඉසිපතන මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙළිවී ඇත.
ලොරියේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර මින්නේරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd