(ක.ග.කරුණාරත්න)
මින්නේරිය සහ ගිරිතලේ මහ වැව් යටතේ වී වගා කරන කුඹුරුවලට මාස් කන්නයේ වගාව සඳහා ජලය නිකුත් කිරීම මේ මස 25 වෙනි දින සිට ආරම්භ කිරීමට අද (11) පැවැති කන්න රැස්වීම්වලදී තීරණය විය.
මේ වැව් යටතේ වගා කෙරෙන කුඹුරු බිම් ප‍්‍රමාණය අක්කර 30,000 ඉක්මවයි.
පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඒ වැව්වලට අයත් ව්‍යාපාර කළමනාකරණ කාර්යාලවලදී මේ රැස්වීම් පැවැත්විණි.
කවුඩුල්ල ජලාශය යටතේ ජලය නිකුත් කිරීම ආරම්භ කරන දිනය පිළිබඳව අද පැවැති කන්න රැස්වීමේදී තීරණය නොවූ අතර ඒ සඳහා මේ මස 25 වෙනි දින නැවත කන්න රැස්වීමක් පැවැත්වීමට දිස්ත‍්‍රික් ලේකම්වරයා,වාරි නිලධාරීහු සහ ගොවි නියෝජිතයෝ එකඟතාවකට පැමිණියහ.
කවුඩුල්ල ජලාශයේ දැනට තිබෙනුයේ අක්කර අඩි 20,000ක පමණ අඩු ජල මට්ටමක් බවත් එය අක්කර අඩි 40,000ක් ඉක්මවන මට්ටමට මොරගහකන්ද ජලාශයෙන් ජලය ලබා ගැනීමෙන් පසුව මාස්කන්නයේ වී වගාවට ජලය නිකුත් කිරීමට හැකියාව ලැබෙන බව පොලොන්නරුව කලාපය භාර වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්.කේ.හේවාගම මහතා ප‍්‍රකාශ කළේය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මින්නේරිය - ගිරිතලේ වැව්වලින් ජලය නිකුත් කිරීම 25 දා