IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මන්නාරම සතොස ගොඩනැගිල්ල ඉදිකිරිම් ස්ථානයෙන් මිනිස් අස්ථී කොටස්


 
සිතුම් චතුරංග
            
මන්නාරම නගරයේ සතොස ගොඩනැගිල්ල ඉදිකිරීමේදී මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානයේ තවදුරටත් කළ කැණීම් වලදී මිනිස් හිස්කබල් 30 ක් ඇතුළු අස්ථි කොටස් තොගයක් හමුවූ බව විමර්ශන සිදුකරන නිලධරයෝ පවසති.
            
පසුගිය මාර්තු 25 වැනිදා කොන්ත‍්‍රාත්කරුවන් පිරිසක් මන්නාරම නගරයේ පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දමා එහි නව ගොඩනැගිල්ලට අත්තිවාරම් කපමින් සිටියදී එහි පස් සමඟ මිනිස් අස්ථි කොටස් මතුවී ඇති බව පොලිසිය කියයි.


ඒ අනුව හමුවූ අස්ථි සම්බන්ධයෙන් පසුගිය මැයි 28 දා සිට මන්නාරම මහෙස්ත‍්‍රාත් ඒ.ඩී.ඇලෙක්ස් රාජා මහතාගේ අධීක්ෂණ යටතේ මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් හා පුරාවිද්‍යා නිලධාරීන් පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද එක්ව කැණීම් ආරම්භ කෙරිණි.


අත්තිවාරම කපන විට එහි තිබූ පස් ඉවත් කිරීම සඳහා මන්නාරම එමිල්නගර් හි පදිංචි වැසියකුගේ නිවස වෙත ටිපර් රථ යොදා ගෙන ගොස් තිබු අතර නිවසෙහි හිමිකරු පස් පරීක්ෂා කිරීමේදී අස්ථි කොටස් කිහිපයක් දැක පොලිසිය වෙත කළ දැනුම්දීමකට අනුව අදාළ ස්ථානයේ පරීක්ෂණ ආරම්භ කළේය.


අස්ථි කොටස් හමුවූ ස්ථානයේ දින 30 ක පමණ කාලයක් කැණීම් සිදුකළ ඇති අතර එහි හමුවූ අස්ථී කොටස් කිහිපයක් කාබන් පරීක්ෂාව සඳහා යොමු කර ඇති බව මන්නාරම පොලිසිය පවසයි.


මෙතෙක් හමුවූ අස්ථි කොටස්වල ඇති ජීව විද්‍යාත්මක ලක්ෂණ, අනතුරු, බාහිර බලපෑම් වලින් සිදුවිය හැකි කරුණු පිළිබඳ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් වාර්තාවක් මන්නාරම මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියමිත බව පොලිසිය සඳහන් කළේය.


මන්නාරම පොලිසිය පැවසූයේ සතොස ගොඩනැගිල්ල තිබූ ස්ථානයෙන් හමුවූ මිනිස් අස්ථි කොටස් නිරීක්ෂණය කිරීමේදී එය පැරණි සුසාන භූමියක් බවට සැක මතුවී ඇති බවයි.


මීට ඉහතදී මන්නාරම තිරුකේතීෂ්වරම් හී සමූහ මිනීවළ කැණීම තුළින් සිරුරු 85 ක් පමණ අස්ථි කොටස් හමුවී තිබූ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එම ස්ථානය පැරණි සුසාන භූමියක් බවට අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණි.



අදහස් (0)

මන්නාරම සතොස ගොඩනැගිල්ල ඉදිකිරිම් ස්ථානයෙන් මිනිස් අස්ථී කොටස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 441 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 246 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site