ක.ග කරුණාරත්න
මේ දිනවල මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසරන තනි දළ ඇතා ආරක්ෂා කර රැක බලා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදන ලෙස පරිසරවේදීහු, වනජීවී බලධාරීන් ප්‍රමුඛව රජයෙන් ඉල්ලා සිටිති.
මින්නේරිය - හබරණ ප්‍රධාන මාර්ගය අසළ මේ තනි දළ ඇතා හුදෙකලාව ගැවසීම රථ වාහන අනතුරු ගොදුරු වීමටත් ඇතැම් විට දඩයක්කරුවන්ගේ ඉලක්ක බවට පත්වීමට බොහෝදුරට ඉඩ තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙති.
මේ ඇතා සම්බන්ධයෙන් නිරන්තර සොයා බැලීමක් වනජීවී දෙපාර්තමේන්තුව මගින් කරන බව මින්නේරිය ජාතික වනෝද්‍යානයේ බාරකරු භාතිය මඩුගල්ල මහතා අප කළ විමසුමකදී පැවසීය.
තනි දළ ඇතා මින්නේරිය - හබරණ ප්‍රධාන මාර්ගය අසල සිටියදී අද (30) උදේ කැමරාවට හසුවූයේ මෙසේය.

2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මින්නේරි තනි දළ ඇතා ආරක්ෂා කිරිමේ වැඩපිළිවෙළක්