ක.ග කරුණාරත්න
 
මේ දිනවල මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසරන තනි දළ ඇතා ආරක්ෂා කර රැක බලා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදන ලෙස පරිසරවේදීහු, වනජීවී බලධාරීන් ප්‍රමුඛව රජයෙන් ඉල්ලා සිටිති.


මින්නේරිය - හබරණ ප්‍රධාන මාර්ගය අසළ මේ තනි දළ ඇතා හුදෙකලාව ගැවසීම රථ වාහන අනතුරු ගොදුරු වීමටත් ඇතැම් විට දඩයක්කරුවන්ගේ ඉලක්ක බවට පත්වීමට බොහෝදුරට ඉඩ තිබෙන බව ද ඔවුහු පෙන්වා දෙති.


මේ ඇතා සම්බන්ධයෙන් නිරන්තර සොයා බැලීමක් වනජීවී දෙපාර්තමේන්තුව මගින් කරන බව මින්නේරිය ජාතික වනෝද්‍යානයේ බාරකරු භාතිය මඩුගල්ල මහතා අප කළ විමසුමකදී පැවසීය.


තනි දළ ඇතා මින්නේරිය - හබරණ ප්‍රධාන මාර්ගය අසල සිටියදී අද (30) උදේ කැමරාවට හසුවූයේ මෙසේය.