දයාරත්න ඇඹෝගම
කැකිරාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු පිරිසක් තමන්ට හා එහි සේවකයන්ට වෙඩි තබන බවට තර්ජනය කර ගල්වලින් පහර දුන් බවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා විසින් සිදුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි කැකිරාව පොලිසිය කියයි.
චන්දිම ගමගේ මහතා විසින් කැකිරාව නගරයේ සවි කර තිබූ ‘ප්‍රජාත්‍රන්ත්‍රවාදය වෙනුවෙන් ජනහඬ’ නැමති බැනරයට හානි සිදුකළේ යැයි කියන සිද්ධියක මුල් කරගනිමින් මෙම ගැටුම නිර්මාණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා මෙසේ පැවසීය.
“අපි නගරයේ සවිකරන කටවුට්, බැනර් පෝස්ටර් වලට නිතර නිතර යම් පිරිසක් අලාභ හානි කරනවා. ඊයේ (11) රාත්‍රීයේ අපේ බැනරයට හානි කර ඒ පිරිසක කැකිරාව ප්‍රාදේශීය සභාව පැත්තට දුවනවා අපි දැක්කා.
අපි ප්‍රාදේශීය සභාව ඉදිරිපිටට ගිහිල්ලා කටවුට්වලට හානි කරන්නේ කියලා ඇහුවාම සභාව ඇතුළේ සිටි පිරිසක් අපට ගල්වලින් පහර දුන්නා. ප්‍රාදේශීය සභාවේ රාත්‍රීයේ පුද්ගලයන් විශාල පිරිසක් ඉන්නවා. මේ සම්බන්ධයෙන් අපි කැකිරාව පොලිසියට පැමිණිලි කර තිබෙනවා” යැයිද මන්ත්‍රීවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රී චන්දිමට පහර දුන් සිද්ධිය ගැන විමර්ශන අරඹයි