(සිරාජ් හසීම්)
දෙමළ ජාතික සන්ධානය විසින් ජයග්‍රහණය කළ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මහාලිංගම් දයානන්දන් මහතා එක් වැඩි ඡන්දයෙන් තේරී පත්විය.
මේ සදහා පැවති ඡන්ද විමසුමේදී දෙමළ ජාතික සන්ධානයේ සී.සෙන්දුරන් මහතාට එම සන්ධානයේ ඡන්ද හය පමණක් හිමිවූ අතර දයානන්දන් මහතාට ඡන්ද හතක් හිමිවිය.
මේ අනුව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මහාලිංගම් දයානන්දන් මහතාට එම කොංග්‍රසයේ ඡන්ද හතරක්, ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඡන්ද දෙකක් සහ ඊ.පී.ඩී.පී පක්ෂයේ ඡන්ද එකක් වශයෙන් ඡන්ද හතක් හිමිවිය.
මෙම සභාවේ උප සභාපතිවරයා වශයෙන් තේරී පත්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආර්.සින්දුජන් මහතාය. ඔහුටද ඡන්ද හතක් හිමිවූ අතර ප්‍රතිවාදී අපේක්ෂක දෙමළ ජාතික සන්ධානයේ සී.රාජේස්වරී මහත්මියට හිමිවූයේ එම සන්ධානයේම ඡන්ද හය පමණි.
සභිකයින් 13 දෙනෙකුගෙන් යුත් මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාව දෙමළ ජාතික සන්ධානය ජයගත් අතර එම සන්ධානයේ නියෝජිතයින් හය දෙනෙකුත්,සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජිතයින් සිව් දෙනෙකුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් දෙදෙනෙකුත්, ඊ.පී.ඩී.පී පක්ෂයේ එක් නියෝජිතයකුත් තේරී පත්විය.
2025 නොවැම්බර් මස 04
778
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2420
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාන්තෙයි සභාපති පුටුව මහාලිංගම් දයානන්දන්ට