(ක. ග. කරුණාරත්න)
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ගැටී අද (10) තරුණයෙකු මරුමුවට පත් වී ඇතැයි හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
අද අලුයම 1.10 ට පමණ මින්නේරිය සහ හිඟුරක්ගොඩ දුම්රිය ස්ථාන අතර පිහිටි අංක 143 සැතපුම් කණුව අසළදී දුම්රිය අනතුරින් ඔහු මියගොස් ඇත.
ඒ අනතුරින් මියගොස් ඇත්තේ හිඟුරක්ගොඩ උල්පත්ඇලගම පදිංචි හේරත් මුදියන්සේලාගේ නිශ්ශංක විජේරත්න 28 හැවිරිදි තරුණයෙකි.
මේ පුද්ගලයා අහඹු ලෙස දුම්රියේ ගැටුණාද දුම්රියට පැන්නාද යන්න සොයා බලන බව විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
හිඟුරක්ගොඩ පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd