රටේ මහජන සුබ සිද්ධිය වෙනුවෙන් මාධ්‍යවේදීන් සිදු කරන වගකීම් සහගත ක‍්‍රියාකාරකම් වලදී මුහුණපෑමට සිදුවන අභියෝග සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා නව ඒකකයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය තීරණය කර ඇතැයි එම සංගමයේ ලේකම් නීතීඥ අමල් රන්දෙණිය මහතා පවසයි.
එවැනි පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය කටයුතු කරන බවත් පැමිණිලි කොළඹ 12 , මිහිඳු මාවතේ අංක 153 දරණ ස්ථානයේ පිහිටි මාධ්‍යවේදීන් සුරැකීම සඳහා වන ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ආධාර ඒකකයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් බාර දිය හැකි බවත් රන්දෙණිය මහතා සඳහන් කරයි.
මාධ්‍යවේදීන් සුරැකීම සඳහා වන ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ආධාර ඒකකය පිළිබඳ මූලික විමසීම් 011/2447134 යන දුරකථන අංකයෙන් ලබා ගත හැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මාධ්‍යවේදීන් රකින්න නීතිඥ සංගමය පෙරට