(දයාරත්න ඇඹෝගම)
මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ එජාප මන්ත්‍රිවරයෙකුට සහ ඔහුගේ ගැබිනි බිරියට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශ්‍රාමික හමුදා භටයෙටකු අත් අඩංගුවට ගත්බව මැදවච්චිය පොලීසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නාගදරනවැව,පුනෑව ලිපිනයේ පදිංචි විශ්‍රාමික හමුදා භටයෙකි.
පහර කෑමට ලක්වු එජාප ප්‍රාදේශිය සභා මන්ත්‍රි සුජීව ප්‍රියන්ත සෝමපාල (33) මහතා හා ඔහුගේ ගැබිණි බිරිය සංජිවනි වසන්ති මාලා (27)යන මහත්මිය ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. නාගදරනවැව විහාරස්ථානය ඉදිරිපිටදි මෙම පහරදිම සිදුව ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd