(නිමන්ති රණසිංහ)
කොළඹ මහ නගර සභාවේ සේවකයකු අත්අඩංගුවට ගෙන ලබන 17 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළේය.
රජයේ අමාත්‍යවරයකුගේ නම භාවිත කරමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ රැකියා දෙන බව පවසා රුපියල් ලක්ෂයක මුදලක් වංචා කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
මෙලෙස රිමාන්ඩ් ගත කරනු ලැබුවේ තෝලංගමුව, වරකාපොල පදිංචි කොළඹ මහ නගර සභාවේ සුළු සේවකයකු වූ මරික්කාර් හෙට්ටිආරච්චිගේ රොහන් නැමැත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd