ක.ග කරුණාරත්න
මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි පුද්ගලයෝ 12 දෙනෙකු අද (21) අලුයම 4.00 ට පමණ පොලොන්නරුව නගරයේ රෝහල හංදියට නුදුරු ස්ථානයක දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ලැබුණු තොරතුරක් මත පොලොන්නරුව දිසා දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකොට ඇත.
පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් පොලොන්නරුව නගරය සහ ඒ අවට පදිංචිකරුවන් බව හෙලිවී ඇතැයි විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරිහු පැවසූහ.
සැකකරුවන් අද (21) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd