(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුන්දලම මදුරන්කුලිය නගරයේ අද (30) යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ මෙහෙයුමේදී විවිධ චෝදනා සම්බන්ධ සැකකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව මූන්දලම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කඩුවක් සඟවා ගෙන සිටි පුද්ගලයෙක්, ව්‍යාජ අංක තහඩු සැකසීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය සැකකරුවන් සහ ෂැංග්‍රිලා හෝටලය ඉදිකරන සමයේ එහි සේවය කළ මුස්ලිම් ජාතිකයකුට අයත් හැඳුනුම්පත මදුරන්කුලිය මුස්ලිම් දේවස්ථානයේ ඇඳක් යට සඟවා තිබීම සම්බන්ධව එහි මව්ලවිවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.
ව්‍යාජ අංක තහඩු සැකසූ සැකකරුවන් මදුරන්කුලිය නගරයේ ස්ටිකර් සැකසීමේ ස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් ව්‍යාජ අංක තහඩු සකසා ඇති බව කියයි. එම ව්‍යාජ අංක තහඩු මොටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ අංක තහඩුවලට සමාන ආකාරයෙන් සකසා තිබූ බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මුන්දලම පොලිසිය භාරයට ගෙන තිබූ අතර මොවුන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.




2025 දෙසැම්බර් මස 18
29
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මදුරන්කුලියෙන් සැකකටයුතු 6ක් අත්අඩංගුවට