(ක.ග. කරුණාරත්න)
මැදිරිගිරිය ඇටඹ ඔය ප්‍රදේශයේ දී අද (24) අලුයම 3.30 ට පමණ වන අලියකු පහරදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි මැදිරිගිරිය පොලීසිය කියයි.
ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මැදිරිගිරිය රෝහලට ඇතුළත් කර ඇත.
අලියාගේ පහර කෑමට ලක්වූ දෙදෙනා මැදිරිගිරිය නවනගරය දර්ශනපුර පදිංචි අවුරුදු 36 සහ 40 වයස්වල පසුවන්නෝ වෙති.
ඔවුන් දෙදෙනාගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව ප්‍රතිකාර කරන වෛද්‍යවරු පැවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd