ක.ග කරුණාරත්න
මාදුරුඔය ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළුවී එහි දැව ජාවාරම් සහ වන සතුන් දඩයම් කිරීමේ නිරතව සිටි පුද්ගලයන් සිව්දෙනෙකු වෙඩි බෙහෙත් කොටන තුවක්කු 02 ක් සමඟ අද (05) අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීහු කියති.
සැකකරුවන්ට අයත් බව කියන ගොනුන් සහිත බර කරත්ත 05 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
යාන්ත්‍රික දම්වැල් කියත් 01 ක්, වෙඩිබෙහෙත් කොටන තුවක්කු 02ක්, විශාල ප්‍රමාණයේ තේක්ක කඳන් 30 ක් සහ ගෝන මස් කිලෝ 60 ක් ද වේලන ලද ඌරු මස් තොගයක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සරත් ෆොන්සේකා එයාගේ කාරිය හරියට කරනවා වගේ. පක්ෂ බේදයකින් තොරව අගය කරමු.