(ඩයනා උදයංගනී)
දිවයින පුරා ක‍්‍රියාත්මක වන සියලු මුද්දර සංගම් සහ මුද්දර සමාජ (පාසල්) තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශයෙහි ලියාපදිංචි කළ යුතු බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මෙම ලියාපදිංචි කිරීම් ජූලි 31 වැනිදාට පෙර කළ යුතු බව මුද්දර කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ශාන්ත කුමාර මීගම මහතා පැවසීය.
මුද්දර එකතු කිරීමේ විනෝදාංශය ප‍්‍රචලිත කිරීම සඳහා දැනටමත් දිවයින පුරා මුද්දර සංගම් හා සමාජ ක‍්‍රියාත්මක වන අතර ඒවා තවත් වැඩිදියුණු කරමින්, ඔවුන්ට නිවැරදිව එම කටයුතු කිරීම සඳහා මගපෙන්වීමේ අරමුණින් ලියාපදිංචි කරවීමට පියවර ගත් බව අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.
ලියාපදිංචිවීම සඳහා වන අයදුම්පත www.stamps.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර සම්පූර්ණ කරන ලද අයදුම්පත් අධ්‍යක්‍ෂ, මුද්දර කාර්යාංශය, තැපැල් මූලස්ථානය, කොළඹ 10 යන ලිපිනයට මෙම මස 31 වැනිදාට පෙර යොමුකළ යුතු බව හෙතෙම කීවේය.
මේ යටතේ ලියාපදිංචි වන මුද්දර සංගම් සහ සමාජයන්ට කාර්යාංශය මගින් සංවිධානය කරන මුද්දර නිර්මාණ තරග සහ මුද්දර ප‍්‍රදර්ශනවලට සම්බන්ධවීමේ අවස්ථාව හිමිවන බවද අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුද්දර සංගම් - සමාජ ලියාපදිංචි කිරීමට පියවර
G.D.D Galagedara Monday, 15 August 2022 09:12 PM
අගයකරනවා