(ඉන්දිකා රාමනායක)
ජනාධිපති මැතිවරණය වෙනුවෙන් විශේෂ රාජකාරී සඳහා යොදවා සිටින පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් මූලස්ථානය විශේෂ අංශ කිහිපයක් භාරව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනෙකු මැතිවරණ රාජකාරි සඳහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදී මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනා හෙට (14) දින සිට දිස්ත්‍රික් නවය ට අනියුක්ත කර ඇති බවත් ඔවුන් ඡන්ද ප්‍රතිපල ප්‍රකාශ කර අවසන් වනතෙක්ම රාජකාරී යොදා ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
ලලිත් පතිනායක, ඩබ්ලිව්.එල්.ඒ.එස් ප්‍රියන්ත, බඳවා ගැනීම් පුහුණු හා සංජීව ධර්මරත්න, පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි, ජගත් පලිහක්කාර, එස්.ඩබ්ලිව්.එම් සේනාරත්න, ඩී.කේ.පී කරුණානායක, එම්.එන් සිසිර කුමාර , කේ.ඩබ්ලිව්.කේ සිල්වා යන නියෝජ්‍ය පොලිස්පතිවරුන් මෙලෙස විශේෂ රාජකාරි සඳහා යොමුකර ඇති බවද ගුණසේකර මහතා කියා සිටියේය.
මොවුන් කිලිනොච්චි, මුලතිව්, මන්නාරම, පොලොන්නරුව, කෑගල්ල, මාතලේ, මොනරාගල, මඩකලපුව හා මාතර යන දිස්ත්‍රික්කවල විශේෂ රාජකාරී සඳහා අනියුත්ක කර ඇති බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මැතිවරණයේ විශේෂ රාජකාරී සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 ක්