IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මාතලේ නගරාධිපති එජාපය ගැන කනස්සල්ලෙන්

(මහේෂ් කීර්තිරත්න) 
 
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වහා වෙනස් විය යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වු දා සිට මේ දක්වාම එක්සත් ජාතික පාක්ෂිකයාට සෙතක් අත්නොවු බවත් මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා අද (10) පැවසීය.

 
වැඩිදුරටත් අදහස් දැක්වු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා මෙසේද පැවසීය.
 
   ‘‘1936 වසරේ සිට මේ දක්වා පුරා වසර 82ක් මාතලේ රැකගනිමින් එක්සත් ජාතික පක්ෂයේ රැඳි සිටිමින් අලුවිහාරේ පරපුර පක්ෂය රැකගත්තා.නමුත් තාමත් සාධාරණය ඉටුවුයේ නැහැ.රජුන් තනන්න අපි හැමදාම දුක් විදිනවා.නමුත් අපේ පාක්ෂිකයින් රැක ගන්න අපිට වැඩ කරන්න දෙයක් පක්ෂයෙන් දෙන්නේ නැහැ.
 
මේ නගරාධිපතිකම ගන්න මම විශාල මහන්සියක් වුණා.මාතලේ දිස්ත්‍රික්කයෙන්ම දිනුවේ මාතලේ මහ නගරසභාව විතරයි.නමුත් මේ බහුභුත පළාත් පාලන මැතිවරණ ක්‍රමය නිසා අවුල් තත්ත්වයට පත් වුණා.මගේ සහෝදරවරු දෙන්නට පින් සිද්ධවෙන්න මම මේ තනතුර ගත්තා.
 
අපේ පක්ෂය ගම් ගානේ සිරිකොතවල් හදන්න යනවා කියනවා නමුත් මම මේ නගරාධීපති ධුරයට පත්වෙලාවත් ඔය පක්ෂයේ කිසි කෙනෙක් කතා කරලා බැලුවේ නැහැ.
 
වර්තමනායේදි ජාතික ලැයිස්තුවෙන් ආව පිරිසක් මේ පක්ෂයි ආණ්ඩුවයි කනවා.එක පැලැන්තියක් විතරයි හැමදාම ප්‍රයෝජන ගන්නේ.පක්ෂය වෙනුවෙන් දර දිය අදින පිරිස් හට සාධාරණයක් වෙන්නේ නැහැ.මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරපු සියලු දෙනා ඇමතිවරු. 
 
පළාත් සභාවේ ඇමතිකම් සභාපතිකම් දුන්නා.නමුත් මේ ආණ්ඩුවේන් එහෙම වෙන්නේ නැහැ.අපි ජනාධිපතිවරණයක් මහ මැතිවරණයක් දිනුවා.මන්ත්‍රීකම් තුනක් තියනවා.ඒත් තියෙන්නේ එක රාජ්‍ය ඇමතිධුරයක්.
 
ජිවිත දේපොල හානි කරගෙන මේ පක්ෂය වෙනුවෙන් දිවිහිමයෙන් කැපකිරීමෙන් කටයුතු කළ අය විදිහට මාතලේට කැබිනට් අමාත්‍යධුරයක් අනිවාරේයන් ලැබෙන්න ඕන.
 
අලුවිහාරේ පරපුරේ කවුරු හරි කෙනෙන් පාර්ලිමෙන්තුව මේ දක්වාම නියෝජනය කරනවා.ඒත් වත්මන් නායකත්වයට අපිට නිසි ලෙස සලකන්න අවස්ථාව උදාවෙලා නැහැ.ඒක වෙන්නේ නැත්නම් ඉදිරි පළාත් සභා මැතිවරණයේදි ජනතාව නිසි පාඩම් උගන්නාවි.
වර්තමානය කාලය තරම් ලංකාවේ විකාර දේශාපාලන තත්ත්වයක් වෙන කවරදාකවත් උදාවෙලා නැහැ. එක්සත් ජාතික පාක්ෂිකයින් දැඩි ලෙස අසරණ වෙලා ඉන්නේ.දේශපාලනය ගැන දැඩි කළකිරීමකින් පසුවන බවද අලුවිහාරේ මහතා පැවසිය.‘‘



අදහස් (0)

මාතලේ නගරාධිපති එජාපය ගැන කනස්සල්ලෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site