කින්නියා සහ පුත්තලම යන ප්‍රදේශයන්හිදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු අද (09) නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබේ.
පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය, නාවික හමුදාව සහ පොලීසිය එක්ව කළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමඟ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
කින්නියා, සමච්චතිව් ප්‍රදේශයේදී සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී එහි ගමන් කළ පුද්ගලයා සතුව තිබී ගංජා කිලෝග්‍රෑම් 2ක ප්‍රමාණයක් සොයාගෙන ඇත. එම සැකකරු වයස අවුරුදු 26 ක් වන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පුත්තලම ප්‍රදේශයේදී හෂිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. මෙම සැකකරුවෝ අවුරුදු 21 සහ 29 වන වියෙහි පසුවන මාදම්පේ සහ පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මෙම මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටියදී මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.
එම පුද්ගලයින් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුත්තලම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
මත්ද්‍රව්‍ය ළඟ තබාගත් තිදෙනෙකු අත්අඩංගුවට