IMG-LOGO

මැණික් ඉල්ලම් සොයා ලෙල්ලොපිටිය ඉඩමක් වනසති

ලෙල්ලොපිටිය  පිටකුඹුර ප්‍රදේශයේ පෞද්ගලික රබර් ඉඩමක මැණික් ඉල්ලමක් මතුව ඇතැයි කියමින් දහසකට වැඩි පිරිසක් එහි කඩා වැදී ඉල්ලම් පස් යැයි පවසමින් ඉඩමේ පස් ටිපර් රථවල පටවාගෙන පිටතට ගෙනියන බව ප්‍රදේශවාසීහූ කියති.

රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන පාරට කිලෝ මිටර් දෙකක් පමණ දුරකින් පිහිටි ඉඩමක මෙම ක්‍රියාව සිදුවෙයි. මේ වනවිට මැණික් ගරන්නන් මෙන්ම සුලු මැණික් වෙළෙන්දන් ද එහි පැමිණ ඇතැයි ප්‍රදේශවාසීහූ පවසති.

දැනට දින තුනක පටන් දිවා රාත්‍රී දෙකේම මෙම ක්‍රියාව සිදුවන අතර වරින්වර පොලිසිය පැමිණෙන බව ද ප්‍රදේශවාසීහූ කීහ. පොලිසිය පැමිණෙන විට ඉවත් වන පිරිස් පොලිසිය ආපසු ගියවිට නැවතත් පැමිණ වැඩ පටන් ගන්නා බව කියති.

මේ වනවිට පුද්ගලික වත්තේ විශාල කොටසක් ඉල්ලම් පස් යැයි කියා පස් ඉවත් කිරිමෙන් තැනින් තැන කුඩා මට්ටමේ වලවල් හෑරී ඇති බව ද කියති. එහෙත් මැණික් හමුවූ කෙනෙක් පිලිබඳ දැනගන්නට නැති බව ද ගම්වාසීහූ කියති. මැණික් ගැරීමට පැමිණ ඇත්තේ පිටස්තර ප්‍රදේශවල අය බව ප්‍රදේශවාසීහු කියති.

මේ පිළිබඳව විමසු විට රත්නපුර පොලීසිය පැවසුවේ වැටලීමට පොලිසිය එහි යනවිට පස් කැපීමේ නිරත පිරිස් වාහන ද සමග ඉවත්ව ගොස් සිටින බවයි. ගෝණකුඹුර හන්දියෙන් පොලීසිය පිටකුඹුර දෙසට යන්නට හැරෙන විට ඒ පණිවිඩය මැණික් ඉල්ලම් සෙවීමේ නිතරත පිරිස් වෙත ලැබෙන නිසා ඔවුන් පොලිසිය එහි යන්නට පෙර එසේ පලා යන බවයි.



අදහස් (0)

මැණික් ඉල්ලම් සොයා ලෙල්ලොපිටිය ඉඩමක් වනසති

සරත් Sunday, 29 January 2017 02:15 AM

පොලිසියට චොපරයක අත්‍යාවශ්‍යතාවය මේ සිද්ධියෙන්ම පැහැදිලි වේ. (නි)

:       0       0

ජනහිත Friday, 27 January 2017 01:53 AM

මේකටත් ජනාධිපතිතුමාට මැදිහත් වෙන්න සිදුවෙනවා නොඅනුමානයි, මේක පත්තරෙන් දැක්කට පස්සේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 239 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site