IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


මඩොල්සිම මැණික් වාඩියකට ගිනි තැබූ දෙදෙනෙක් රිමාන්ඩ්

(නිශාන්ත කුමාර)

මඩොල්සිම ඇකිරිය ප්‍රදේශයේ මැණික් පතල් වාඩියක් මුර කරමින් සිටි පුද්ගලයෙකුට පහරදී එම වාඩියට ගිනි තැබූ බව කියන පුද්ගලයින් දෙදෙනෙක් මේ මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් හේමින්ද දයාවංශ මහතා අද (08) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මඩොල්සිම ඇකිරිය ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.

ඇකිරිය ගම්මානයේ මැණික් පතලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට අයත් වාඩියකට බීමතින් පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා පෙරේදා (06) රාත්‍රීයේ එම වාඩියේ සිටි පුද්ගලයෙකුට පොලුවලින් පහරදී වාඩියට ද ගිනි තබා   බදුල්ල මහ රෝහලට ඇතුළත්ව සිද්ධියෙන් අනතුරුව ඇතිවූ බව කියන පිලිස්සුණු තුවාලවලට ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අද (08)  මඩොල්සිම පොලිසිය බී වාර්තාවක් මගින් බදුල්ල උසාවිය වෙත කරුණු ඉදිරිපත්කර ඇති අතර එහි ගිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා අද (08) පස්වරුවේ බදුල්ල රෝහලට ගොස් සැකකරුවන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත.

 

 

 

 



අදහස් (0)

මඩොල්සිම මැණික් වාඩියකට ගිනි තැබූ දෙදෙනෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32364 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14872 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 378 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1306 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site